Thursday, December 31, 2015

හතර: ජොං යුං හුවා

ආමග

මම චිත්‍ර අඳින්න පටන් ගත්තෙ නිදහසේ ඇඳීමන්. දෙව්නුව, මම තීරණය  කළා මම කැමතිම වර්ගයේ චිත්‍ර වලින් ඇඳිම් කරන්න පටන් ගන්න ඕනි කියල. සිනා මුසු මිනිස් මුහුණු පින්තාරු කරන්නයි මම ආස උනේ. මම තෝරගත්ත හැම එකක්ම සිනාවෙන් සැරසුන, මම ගොඩාක් ආදරේ කරන කෙනෙකුගෙ පින්තූරයක්. තෙවනුව, මම තේරුම්ගත්තා කාන්තා රූප අඳින්න අමාරුයි කියල, ඒ නිසා පිරිමි රූප අඳින්න පටන් ගත්තා. ඒ වගේම සැලසුම් සහගත විය යුතු බවත් තේරුණා. මුලින් ආධාරක රේඛා, දෙවනුව රූපයේ කටු සටහනක්, තෙවනුව පින්තූර මතු කිරීම්, සහ සිවුවෙනුව වර්ණ ගැන්වීම් වශයෙන් පියවරින් පියවර ඉදිරියට යන්න ඕනි. මුල් පින්තූරය එකට එක පරිමාණයට අඳින එක වංචාකාරී වගේ, ඒ නිසා පරිමාණය වෙනස් කළා, හැම වෙලේම ටිකක ලොකු කරල තමයි ඇන්ඳෙ. රූලක් භාවිතා කළේ නෑ දුර මනින්න, පැන්සල තමයි පාවිච්චි කලේ, අපි ඉන්ජිනේරු නිදසහ් අතින් ඇඳීම් ( engineering free hand sketching ) කරන කාලෙ වගේ. මගේ ලඟ තිබුන HB, 2B පැන්සල් තමයි මම දිගටම භාවිතා කළේ.

මේ මූලික කරුණු ටික මට නැවත මතක් කරන්න හිතුනේ,  අපි යම්කිසි කර්තව්‍යයක් කරන විට ඒ කර්තව්‍යයටආදරේ වීමත්, සරල තැනින් පටන් ගැනීමත්, තමා සතු දැනට තියන සම්පත් වලින් පටන් ගැනීමත්, සැලසුම් සහගත බවත්, නිතරම ඉදිරියට යාමට ඇති දැඩි උත්සහයත්, ඉදිරියට යන හැම පියවරකදිම අපගේ වැඩිදියුණුවීම් සහ අඩුපාඩු හදුනා ගැනීමත්, සාර්ථකවීම් පිළිබඳ සතුටු වීමත් අපි ඒ කාර්‍යයේ අති දක්ෂයින් කරවනවා යන්න අත්දැකීමෙන් මා උගත් බව ගෙන හැර දක්වන්නටයි.

අද පින්තූරය: ජොං හුවා

මගේ ඊ ලඟ පින්තූරයට පාදක කර ගත්තෙ සම් චොං සා ( three musketeers, 삼총사 ) කථාවෙ පග් දර් හ්‍යොං චරිතය නිරූපනය කළ ජොං හුවා, 정용화,  නම් රංගන ශිල්පියා, ගායකයා. මුල් පින්තූරය මෙතනින්  https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfthp9sp5Te32-ClUxmxhz22F4arRXW9OJRNVKQfu60vG8gZlzEPULt-ialdO-lrKK0QSDoOcnAiCMkrKhJWrwFX1DN8rtNt2nKT4iPmfSBb1CuJVSL0TbN2UhPE1BvBCO9BFaPz6B0XQ/s1600/3kKKN7x.jpg බලන්න.
ජොං හුවා කියන්නේ හරිම ලස්සන නළුවෙක් වගේම, දක්ෂ ගායකයෙක්. මම ගොඩාක් කැමති කෙනක්.


කලින් පින්තූර තුනම ඉදිරිය බලන් ඉන්න ඒව. ඒ නිසා මට හිතුනා පැත්තක් බලන් ඉන්න එකක් අඳින්නත් පුරුදු වෙන්න ඕනි කියල. ඊ ලග පියවර විදියට මට මුහුණේ ඉරියව් උලුප්පා ගන්න ඕනි උනා, මම හිතුව පාට වලින් පාට කළා නම් හරි කියල. ඒ නිසා, මම මුලින් පැන්සලින් ඇඳපු පින්තූරය පැන්සලින් වර්ණ ගන්වන්න කලින් ඒකෙ පිට්ටපතක් අරගෙන් පිටපත පාට පැන්සල් වලින් පාට කළා, ඊට පස්සෙ මුල් පිටපත පැන්සලෙන් පාට කළා. පාට කරද්දි, මම පැන්සල තුල් කරන විට එකතුවෙන කුඩු ඇගිලේ තවරලා අඳුරු පැහැතැන් මත ක්‍රමානුකූලව ආලේප කළා.


ඉගන ගත් දේ:

  • පැත්ත බලන් ඉන්න පින්තූරයක් සිතුවම් කරන්න 
  • මිනිරන් කුඩු වලින් මුහුණ වර්ණ ගන්වන්න
  • පාට වලින් පාට කරන්න
  • ත්‍රිමානබව ගන්න

මට සතුටු:

  • ඇස්, ඇහි බැම
  • තොප්පිය: ප්‍රමාණය, හැඩය, වර්ණ, තොප්පියේ පටිය, මාලය සහ පිහාටු සහිත කොටස
  • මුහුණේ, ශරීරයේ සහ තොප්පියේ ත්‍රිමානත්වය 

අපහසුතා:

  • වර්ණ වලින් වර්ණ ගැන්වීමේදී ජොං හුවාගේ පිටත ඇඳුම (තද  නිල් පාට ඇඳුම ) වර්ණ ගැන්වීම. මේ ඇඳුම නැමීම් ඇති තැන්, ඒ අයුරින්ම ගන්න බැරි උනා.

අඩුපාඩු:

  • නහය අග කොටස ඇදයි
  • බඳ පටියේ ඇති ගාංචුව පට්ට කැතයි
මගේ මේ චිත්‍රය මුල් පින්තූරයට බෙහෙවින්ම සමානයි. ගොඩාක් අඩුපාඩු තියෙනව තමයි, ඒත් ජොං හුවාගෙ ස්භාවය නිවරිදිව පිළිඹිබු වෙනව කියල හිතෙනවා. මට මේ පින්තූරෙ ගැනත් ගොඩාක් සතුටුයි. ඊ ලඟ පින්තූරෙන් හමු වෙනතුරු සොදුරු දිනක්!

4 comments:

  1. පාට කරද්දී පොඩ්ඩක් අවුල් වෙලා නේ....
    පැන්සල් චිත්‍රෙ නම් නියමයි

    ReplyDelete
  2. ඔව් අනේ. ඒක තමයි ගොඩක් ඩෙනා මට කීවෙ. මගෙත් හිතේ කොනකින් කියනව පෙන්සිල් ආර්ට් එක තමයි හොඩ කියල.

    පාට පැන්සල් නිසා තමයි වැඩේ අවුල් උනේ. පැන්සල් බාවිතයදි, පාට මිෂ කරන්න බැනි, ඒ නිසා මගේ ලග තිබ්බ සීමිත පාට කූරු පාවිච්චි කරන්න අමාරු උනා. දිය සායම් හරි තෙල් සායම් හරි තගත්තනම් හරි. මම මීට කලින් ඒව භාවිතා කරල නෑ. ෆැබ්රික් පේන්ටින් වලින් නම් නිර්මාන ටිකක් කර්ල තියෙනව. ඒත් දිය සායන් පාවිච්චි කරන්න බය හිතුනා. මට අන්තිමේදි එන්න ඔනී එතනට තමයි.. හි හි

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා.. :-)
      සුබම සුබ නව වසරක් වේවා !!!

      Delete
    2. සුභ නව වසරක වේවා මිහිරි ඔයාටත් පවුලෙ සැමටත්

      Delete