Saturday, January 21, 2017

22: පග් බො ගුම් Park Bo-Gum


ආයුබෝවන්! (English version is given below)

ගොඩාආආක් කාලෙකට පස්සෙ ඔන්නෙ අදත් ආවෙ චිත්‍රයකුත් එල්ලගෙන. පහුගිය ටිකේ වැඩ අදික වීම නිසාත්, මේ සිතුවම නිම කරගන්න ටිකක් කල් ගිය නිසාත් මාස ගානක් යනතුරුත් මොකුත් ලියා ගන්න බැරිව ගියා. මම දිගටම ඇන්ඳෙ සිනා මුසු මුහුණුනේ, ඉතින් දවසක් මට හිතුනා එක් එක් ඉරියව්වලින් ඉන්නකොට මුහුණේ අවයව පිහිටන්නේ කොයි ආකාරයටද? ඒවැනි මුහුණු සිතුවම් කරන්නේ කොහොමද? කියලා බලන්න. ඒහි ප්‍රතිඵලය හැටියට තමයි මේ සිතුවම මම නිර්මාණය කලේ.

ඒ දවස්වල මම ආසාවෙන් නරඹපු Moonlight drawn by clouds කථාවේ ලී ය්‍යොන් (이영 ) චරිතයත්, Hello monster කථාවේ ජුං සුන් හො (정선호) නොහොත් ලී මින් (이민) චරිතයත්, Reply 1988 කථාවේ චොයි ථෙග් (최택) චරිතයත් නිරූපණය කල පග් බො ගුම් (박보검) රංගන ශිල්පියාවයි මේ සිතුවම කරන්න තෝර ගත්තේ. එයා ගොඩාක් දක්ෂ ඒ වගේම ආදරණීය රංගන ශිල්පියෙක්. විසි හතර වන වියේ පසුවන බොගුම් රංගන ක්ෂේත්‍රයට පැමිණ වසර පහක්ටත් අඩු කාලක් උනත් TvN Asia award (2016) ඇතුළු සම්මාන ගණනාවකටම හිමිකම් කියනවා. බොගුම්ගේ මම දකින විශේෂත්වය නම් එයා රඟපාන එක් එක් චරිතය එකිනෙකට ඉතාම වෙනස් ආකාරයට රගපෑමයි. කොතරම් වෙනස් විදියට ඒ චරිත නිරූපණය කරනවාද යන්න කියනවානම් විටක ඒ ඔහුමද යන්න හිතා ගන්නත් අමාරු තරම්. 

මේ නිර්මාණයට මම තෝරාගත්තේ අන්තර් ජාලයෙන් සොයාගත් බොගුම්ගේ පින්තූර කීපයක්. මේ මේ රූප ටික අඳිනවාමයි කියා තෝරාගත් පසු, මට ආ මුල්ම අභියෝගය වූයේ මේ මූණු ටික ස්ථාන ගත කර ගන්නේ කොහොමද යන්නයි. එක එක සංකලන කීපයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අන්ම්තිමේදී මම මේ පින්තූරයේ දැක්වෙන සංකලනයෙන් සතුටට පත් උනා. ඊට පස්සෙ ඉතින් වෙනද වගේම අඳින්න පටන් ගත්තා. 


මේ පින්තූරයෙන් මම ගොඩාක් දේ ඉගන ගත්තා. එක් එක් ඉරියව්වෙන් ඉන්නකොට, බොගුම් එක් එක් විදියයි කියන එක ඔයාලට මේ චිත්‍රෙ දැකපු ගමන්ම කියන්න පුළුවන් නේද? මේ චිත්‍රෙ දැකපු කවුරුවත් අඳුන ගත්තේ නැහැ මේ ඉන්නේ එකම කෙනායි කියන එක. ඒක තමයි එයාගෙ දක්ෂකම. නොයෙන් ඉරියව් වලින් ඉන්නකොට මෙන්ම ඒ රූපය දකින කෝණයට අනුරූපව ඇස්, කන්, නාසය, කට, ඇහි බැම, කොණ්ඩය මෙන්ම මුහුණේ මාංසපේශීන් පිහිටන ආකාරයේ වෙනස්වීම මනාව අත් දැකීමට මට මේ චිත්‍රය මහත් පිටුවහලක් උනා. මම මුල ඉදලා අවසානය තෙක්ම ගොඩාක් ආසාවෙන් තමයි මේ සිතුවම කරගෙන ගියේ.  මේ සිතුවම වෙනුවෙන් පැය ගානක් වියදම් කලත්, ඒ කාලය අපතේ ගියේ නම් නෑ.


මේ පහතින් තියෙන්නේ, චාකෝල් වලින් වර්ණවත් කරන්න කලින් පැන්සලෙන් ඇඳපු එක. චාකෝල් වලින් වර්ණවත් කරද්දි, ගොඩක් වෙලාවට මට ඕනි විදියට අරගන්න බැරි උනා. තාමත් මට චාකෝල් පැන්සල භාවිතා කරන විදිය ගැන හරි අවබෝධයක් නෑ කියලත් හිතෙනවා. මේ සිතුවම පැන්සලෙන්ම පාට කරානම් මීට වඩා හොඳ නිමාවත් ගන්න තිබ්බා කියලත් හිතෙනවා. මේ සිතුවමේ අඩුපාඩු ගොඩාක් තියෙනවා කියලා මම පිළිගන්නවා. ඉගනගන්න, පුහුණුවෙන්න තව ගොඩ දේ තියෙනවා. මේ සිතුවමේ තියෙන හැම රූපයකම කුමක්ම හෝ අඩුපාඩුවක් මට පේනවා. ඒ මොනවා උනත් මේ රූප ඔක්කොටම මම ගොඩාක් ආදරෙයි. කවුරු හරි කෙනෙක් ඇහුවොත් කොයිකටද මම වැඩිපුරම කැමති කියල???? ඒක හරිම අමාරු ප්‍රශ්නයක්. මට කියන්නකෝ ඔයාලා කැමතිම කොයි රූපයටද? 





තවත් චිත්‍රයක් එක්ක නැවතත් හමුවන තුරු ඔබට ජය!

Welcome!

After very long time I am writing this post with my latest sketch. This time, I wanted to make a poster with several facial expressions and postures to make a comparison. I thought the best way to do it is select one person and draw several portraits of him with various expressions and postures in a single paper.  This poster is created as a result of this.

The only person came to my mind is the Korean actor Prak Bo-Gum, who played the leading role, prince Lee Young (이영) of "Moonlight drawn by clouds" drama;  the role of Jung Sun-Ho (정선호) alias Lee Min (이민) of the "Hello monster" drama; and the role of Choi Teak  (최택)  of the "Reply 1988" drama. Bo-Gum is a very talented and lovely actor. Despite the fact that Bo-Gum is only 24 years old and it's been only five years he became an actor, he has won several awards including the "TvN Asia Award" in 2016. The most impressive thing about him is he can act various roles in a particular way. I really enjoyed his acting all the time. 

All the portraits I used for this poster were taken from the internet. Most of them were characters he played. The first challenge that I faced after collecting all the portraits that I really want to sketch is arranged them in a nice way. I arranged them according to the facial expressions and gazing directions. I hope I could make a good balance in the poster. You can view the original picture from here. Do you have any comments on this? Once, I arrange the faces and their sizes, I started to sketch them in five steps.  Following is how it looks like after the fifth step.




I learned a lot of things while sketching this poster. Bo-Gum looks quite different in each character. Look how talented he is. The best thing I learned from this poster is the appearance of the eyes, ears,, mouth, nose, eyebrows, hair, chin, and facial muscles in various expressions in various angles. I enjoyed sketching this poster. It took several hours to complete it. Every minute I spent on it worth it.

I know there are several mistakes, omissions and defects everywhere in this poster. There is no any character that I am fully statist about it; I see a defect in every single one oh no. I think I don't know how to utilize charcoal yet. Looks like I am not convenient with a charcoal pencil yet. If I didn't tough a charcoal pencil and only used a carbon pencil it might be better. However, I really like it, Do you?  If someone asked me the one that I like most. I will really have a tough time answering it, because I like all. But, how about you? which one you like most/ and why?

Be healthy and wealthy. See you next time.


No comments:

Post a Comment