Saturday, March 26, 2016

මම ආ මඟ

ආයුබෝවන්!

මම පාසල් යන අවදියේ චිත්‍ර ඇඳීමට කොතරම් උත්සාහ කර තිබුනත්, කිසි කලෙකත් මගේ සිත සතුටුවන විදියේ එකක් ඇඳගන්න පුළුවන් වෙලා නැහැ. ඒ නිසා, මට චිත්‍ර අඳින්න හැකියාවක් නෑ කියල, මම චිත්‍ර අඳින එක අතහැරල දාලයි හිටියෙ. ඒ කොහොම උනත්, ගිය අවුරුද්දෙ මැයි මාසෙ බලපු 'ද පේන්ටර් ඔෆ් වින්ඩ්', 바람의 화원 කොරියන් ටෙලි නාට්‍ය, මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න සමත් උනා. මේ කථාව බලල ඉවර උනාට පස්සෙ, 'අනේ මටත් ඒ විදියට අඳින්න පුළුවන්නම්' කියල හිතුන. ඒ විදියට පටන් ගත්ත චිත්‍ර ඇඳිල්ලෙන් මම ඉගන්න ගත්තෙ හොඳ නිමාවක් සහිත සිතුවමක් නිර්මාණය කිරීම පමණක්ම නෙවෙයි. ඔන්න ඉතින්, අද කියන්න යන්නෙ ඒ මොනවද කියල.

මම උගත් දේ සරලව කෙටියෙන් මෙහෙම කියන්නම්:
  1. යම් දෙයක් කෙරෙහි දැඩි ආශාවත්, උනන්දුවත්, කැපවීමත් තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ.
  2. දෙයක් කරන්න පටන් ගන්නකොට සරලම තැනින් පටන් ගන්න. තමා සතුව දැනට තියෙන සම්පත් වලින් සහ දැණුමින් පටන් ගන්න (මේ උපදෙස මට දුන්නෙ මහාචාර්‍ය බිජෝයි ගෝශ්).
  3. තමා නිරත වන කාර්ර්‍යයේ ඉදිරි ගමන්ට, අන් අයගේ අගය කිරීම් නිතරම වැදගත්. 
  4. සෑම විටම පියවරක් ඉදිරියෙන් තියන්න උත්සහ කරන්න (මගේ චිත්‍ර එකක් අනිකට වෙනස්. හැම චිත්‍රයකින්ම, මම දෙයක් ඉගනගෙන තියෙනව. හැම එකේදිම මම අළුත් දෙයක් අත්හදා බලල තියෙනව.).
  5. දෙයක් කරන විට එහි ප්‍රවීනයෙක් වෙන්න බලන්න.
  6. වරකට එකබැගින් කරයෙන යන්න. මම හැම විටම පටන් ගත් සිතුවමක් ඉවර නොකර තවකක් පටන් ගෙන නැහැ.
  7. තමාගේ අඩුපාඩු හොයාගන්න, ඉන්පසු, ඒවාට පිළියම් යොදන්න (මුහුණේ අවයව ස්තානගත කරන එක මට මාර අමාරු වැඩක් උනා. ඒ නිසා, මම එයට පිළියමක් වශයෙන්, නිවරදිව අවයව ස්ථාන ගත කර ගැනීමේ මගේම ක්‍රමවේදයක් සොයා ගත්තා.).
  8. ක්‍රමානුකූල වෙන්න. එයින් ඔබට වරදින අවස්ථා අවම කර ගත හැකියි.
  9. අන්න්‍යන්ගේ උපදෙස් වලට ගරු කරන්න.
  10. ඉවසිලිවන්ත වෙන්න (සමහර අවස්ථාවලදී, මට ඕනි විදියට චිත්‍රය ඇඳගන්න කීප සෑරයක් උත්සහ කරන්න සිද්ද උනා. කොයි තරම් කාලය ගතඋනත් මට ඕනි විදියට එනකල් උත්සාහ කරන්න තරම් මම ඉවසිලිවන්ත උනා.).
  11. මුල් පින්තූරෙ විස්තර දකින්න දකින්න, මම අඳින පින්තූරය තත්වෙන් උසස් බව තේරුණා.

සුං යොනාගෙ චිත්‍රය වෙනකල් අඳපු චිත්‍ර ටික දැකපු මගේ යාළුවෙක් වන සව්රොව් සෙන්ගුප්තා මට හරි වටින උපදෙසක් දුන්නා. එයා කීවා;

 "ඔයාගෙ චිත්‍රර ලස්සනයි. ඔයා ගොඩක් දුර ඇවිත් තියෙනව. ඔයාට දැන් කරන්න තියෙන්නෙ, එක් එක් අවයව විස්තරාත්මකව අඳින්න. බලන්න මේ ඇස් දිහා, ඇහේ බෝලෙ ඔයා තනිකරම කළු පාටට ඇඳල. ඒත්, ස්හාවික ඇස්වල එහෙම නැහැ. ඇහේ කළු ඉංගිරියාව තද කළුයි, අනිත් කොටස එතරම්ම කළු නැහැ. ඔයා යූ ටියුබ් එකේ වීඩියෝ බලන්නකො. ඔයාට ගොඩක් දේ ඉගනගන්න ලේසිම ක්‍රමය තමයි ඒක. ඔයා 6B පැන්සල පාවිච්චි කරන්න. එතකොට ඔයාට ලොකු වර්ණ පරාසයක් තුල අඳින්න පුළුවන්"

මේ ආදී වශයෙන් ලොකු විස්තරයක් කරගෙන ගියා. පස්සෙ දවසක පැන්සල් ගැනත් හොඳ විස්තරයක් කලා. චාකෝල් පැන්සල් සහ සුදු චාකෝල් පැන්සල් ගැනත් කියල, චාකෝල් පැන්සලකුත් දුන්න. 

යූ ටියුබ් වීඩියෝ බලල, ඉගන ගන්න එක හරිම සරල සහ අනිත් කටයුතු වලදි නිතර මම කරන දෙයක් උනත්, මට ඒක සව්රොව් කියන කල් හිතුනෙ නැහැ චිත්‍ර අඳින වැඩේටත් එහෙම කරන්න පුළුවන් කියල. මේ පහළින් තියෙන්නෙ, මම යූ ට්යුබ් වීඩියෝ කීපයක් බලන ගමන් ඇඳපු ඇස් කීපයක්.   








මේ ඇස් වලින් කොයිකටද ඔයාල වැඩිපුරම කැමති?

ඊලඟ පින්තූරෙන් හමුවන තුරු ඔබට ජය! මටත් ජය! 

No comments:

Post a Comment