Wednesday, August 2, 2017

27: දොග්මන් සහ අල්න්චොන් රං: Deokman and Alcheo Rang

ආයුබෝවන්! (English version is given at the bottom)

තවත් ලස්සන පින්තූරයක් අරගෙන ආයිත් ආවා. මේ සැරේ අපූරු මල් වලින් ලස්සන මල් දෙකක් පිපී හිනැහෙනවා. හැබැයි, වෙනදට වඩා පොඩි වෙනසක් තියෙනවා. මෙච්චර කාලයක් මම සිත්තම් කලේ කළු සුදු රූපනේ. මේ සැරේ තව පියවරක් ඉස්සරහට තියලා වර්ණවත් චිත්‍රයක් අඳින්න කල්පනා කළා. මේක මට එකපාරටම ආපු අඳහසක් නෙවයි. කාලයක් තිස්සෙ මගේ හිතේ තිබුන දෙයක්. මම මීට මාස දහයකට විතර කලින්, ඒ කීවෙ 20: යුන් සි යුන් Yoon Si Yoon චිත්‍රය අඳින කාලේ, මගේ හිතට ආවා ඒක කරන විදියක් එහෙමත්. කොහොම නමුත් මගේ අඳහස සාර්ක්ථකව ක්‍රියාවට නැගුනේ මේ අද කථා කරන චිත්‍රයෙන් තමයි. මේ සැරේ ඇන්ඳේ 'සියොන් ඩෙඔක් රැජින' (선덕여왕 ) කියන කොරියන් ටෙලි  කථාංගයේ එන චරිත දෙකක්: දොග්මන් (덕만) සහ අල්චොන් රං (알천 랑). ඒක හරි ලස්සන කථාවක්. ජාතික රූපවාහිනියෙත් මේ කථාව විකාශය කරලා තියෙනවා ජනහිතකාමී රැජිණිය නමින් 2015 වසරේ.

මේ තියෙන්නේ මම ඇඳපු පින්තූරෙ. හෝව් හෝව්, ඊට කලින් බලලා ඉන්නකෝ මම මේක සිතුවම් කරන්න භාවිතා කරපු මුල් පින්තූරෙ


මේ දෙන්නා රජ වාසලේ වැඩ කරන සොල්දාදුවෝ දෙන්නෙක්. දොග්මනා පුහුණු වෙන සොල්දාදුවෙක් (නිල් පාට). අල්චොන් කහ පාට කන්ඩායමේ නායකයා. එයාලගෙ මේ ඇඳුම්ල්වල ලස්සන පාට ගැලපුම නිසා තමයි මට මේ පින්තූරය වර්ණවත් ලෙස නිර්මාණය කරන්න ඕනි උනේ. ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ගෑණු ළමයෙක්. හිතා ගන්න පුළුවන්ද කොයි කෙනාද කියලා?  අනිත්කෙනා ටිකක් ගැහැණු ළමයෙක් වගේ ගතියකුත් තියෙනවා. ඒ නිසා මේ දෙන්නම ගැහැණු ඇඳුමින් සැරසුනොත් කව්රුත් රැවටේවි දෙන්නම ගෑණු ළමයි කියලා. ටිකක් හොඳින් අධ්‍යනය කලොත් කියන්න පුළුවන් මෙන්න මෙයා නම් අනිවාර්‍යෙන්ම ගෑණු ළමයෙක් තමයි කියලා. ඒ උනාට, අපි දන්නේ නැත්නම් මෙයා මේ ගෑණු ළමයෙක්, එයා පිරිමි ඇඳුමක් ඇදන් ඉන්නේ කියලා අපි කීයටවත් අවිස්සාස කරන්නේ නෑ එයා ගෑණු ළමයෙක් වද්දෝ කියලා. මොකද අපි එයා දිහා බලන්නේ පිරිමිකෙනෙක් කියන හැගීම හිතට දාගෙන. මම මෙහෙම කියන්නේ මගේ අද්දැකීමන්.

මේකයි උනේ, මම මීට වසර ගනණාවකට කළින්, ටෙක්සස් ටෙක් විශ්ව විද්‍යාලයේ, උපාධි අපේක්ක්ෂක ළමයිට ගණිතය ඉගැන්නුවා. මගේ පංතියේ හිටිය ළමෙක්, මම විතර උස ඇති, මෙක්සිකානු ළමෙක්, පිරිමි ළමෙක්, දවසක් බ්ල්වුස් එකක් ඇඳගෙන ඇවිල්ලා පංතියේ වාඩිවෙලා ඉන්නවා. මට දැන් හිතා ගන්න බෑ, හිනත් යන්වා.

"කවුද බොලේ මේ ළමයා? "
"මේ වගේ ගෑණු ළමෙක් මගේ පංතියේ හිටියෙ නෑනි."
"අර කොල්ලා නේද මේ කෙල්ක්ලෙක් වගේ ඇදන් ඉන්නේ?"
"වෙන ළමෙක්ද දන්නෙත් නෑ."
"ඇත්තටම මේ පිරිමි ළමයෙක්ද? ගෑණු ළමයෙක්ද?"
"අර පිරිමි ළමයමද මේ, එක්කොත් වෙන ගෑණු ළමයෙක් වෙන්න ඇති"
"නෑ නෑ ඒ පිරිමි ළමයම තමයි"

මුළු දේශනය පුරාවටම මෙන්න මේ වගේ ප්‍රශ්න රැළක් ආවර්ත්ථිතව හිත තුල රැව්පිලි රැව් දුන්නා. හිනත්ව යනවා අප්පා. උගන්නන්න ගිය එකත් අමතක වෙනවා මේ ළමයිගෙ කෝලම් වැඩ නිසා. ඔන්න ඔහොමයි ඉතිං ඇමරිකන් ළමයි. නිදහස තියෙන නිසා එයාලට හිතෙන හිතෙන ඒවා කරනවා.

ඒ කථා ඇති දැන්. අපි මේ චිත්‍රය ගැන පොඩ්ඩක් කථා කරමුකෝ. මේ චිත්‍රය පාට කළේ ටිකක් වෙනස් විදියකට. මේ සඳහා මම භාවිතා කළේ; දිය සායම්, පාට පැන්සල්, මේකප් පවුඩර්, සහ ගල් අඟුරු පැන්සල්. ඇත්තටම කියනවා නම්, දිය සායම් පාවිච්චි කලේ දිය නැතිව. ඒ කිව්වේ වතුර රහිතවා.

"ඒහෙම පුළුවන්ද?"

මොකද බැරි, අපි ඕනි තරම් චිකන් ෆ්රයිඩ් රයිස් කළා තියෙනවනේ චිකන් නැතිව. ඒ වගේ තමයි මේකත්. දිය සායම් භාවිතය මට තාම හරියට බෑ. ඒ නිසා, මම සායම් ටික අරගෙන කුඩු කරලා, පවුඩර් එකක් කරගෙන, ඒක තමයි භාවිතා කළේ. මම එහෙම කරේ මොකද කියනවා නම්, පවුඩර් විදියට තියෙන පාට පින්සලක් ආධාරගෙන් භාවිතා කරන එක මට හරී හුරු පුරුදුයි. ඒ නිසා ,මගේ ලඟ තියෙන දේවල් මම දන්න විදියට, මට පුළුවන් විදියට ප්‍රයෝජනයට ගත්තා. 

මෙ චිත්‍රයේ ගොඩක් අඩුපාඩු තියෙනවා. කොටසින් කොටස අඳිනකොට, වැරදි අඩුපාඩු සිද්ද වෙනවා. පස්සේ, චිත්‍රයේ අනිත් කොටස් එක්ක සාපේක්ෂව බලනකොට තමයි ඒ වැරදි පේන්නේ. එතකොට ඉතින් ආයෙ මකලා, ආයෙ හරිගස්සනවා. කහපාට ඇදුම ඇදන් ඉන්න කෙනාගෙ, ඇස් දෙක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි, ඒක දැනුයි දැක්කේ. ඉතින් ඒක හරිගස්සන්න ඕනි. ඒක හැදුවම තව එකක් පෙනේවි, ඊ ලඟට තව එකක්. වැරදි පේන එකේ ඉවරයක් නෑ. එහෙම කරනකොට කරනකොට වෙලා යනවා. වැරදින්නැතිව එක පාරම හරියට අඳින්න පුළුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවා නම්, මටත් කියන්න. 

මේ චිත්‍රයේ මට ඇඳ ගන්න අමාරුම උනේ, කහ පාට ඇදුම ඇදන් ඉන්න අල්චොන්ගෙ හිසේ බැදන් ඉන්න පටියෙ තියෙන කැටයම. ඒක හරියෙට අවෙම නෑ. එයාගෙ යුද ඇදුමේ, දාර වටේට ලස්සන සුදු නූලක් යනවා. ඒක තමයි වරදියටම ඇන්ඳෙ.

මේ විස්තර ඇති. තව චිත්‍රයකි නැවත හමුවන් තුරු ජයෙන් ජය!

I am too lazy to write it in English. In summary, I drew portraits of characters Deogman and Alcheo Rang from the Korean TV series, "Queen Seok-Deok". Both of them are in old Korean soldier suits. However, one of them is a lady. Can you recognize who? Isn't it difficult to identify? However, if both of them were dressed in women clothing, all of you will say they are ladies ha ha ha.



I used charcoal pencils, water colors, foundation powders and color pencils to color these two portraits. Actually, water colors were used without water. It's like eating chicken biriyani without chicken. The thing is I am not confident enough to use water colors. Therefore, I chopped the colors and make a powder and used the powdered version, which I am good at. 

Hope you enjoyed it.

See you next time. 

2 comments:

  1. This is beautifull, Blue one is the girl. But Alcheo Rang is the most beautiful one :D

    ReplyDelete
    Replies
    1. Thanks Ano. That's true.

      //But Alcheog Rang is the most beautiful one :D// No wonder why I am only good at male characters. Usually, it's difficult for me to sketch females. However, I spend more or less same amount of time for each.

      Delete