Thursday, April 7, 2016

දහතුන: අපේ අයියා



ආයුබෝවන්!

කලින් වතාවෙදි අම්මිව ඇන්ඳනෙ. ඔන්නෙ ඒ පාර, අයියාගෙන් බේරිල්ලක් නෑ, එයාවත් අඳින්න කියල. ඒ නිසා එයාගෙ ලස්සන රූපයක් එහෙම හොයාගෙන අඳින්න පටන් ගත්තා. තාත්තිත් නැති වෙච්චි නිසා මට ඉන්නෙ අම්මියි අය්යයි විතරනේ. මේ තියෙන්නෙ මම පාවිව්වි කරපු මුල් පින්තූරය





අම්මිගෙ පින්තූරෙට වගේම මම අයියගෙ පින්තූරෙටත් ගොඩාක් ආසයි. එයාගෙ කොණ්ඩෙත් ලස්සනටම ආව. කොහොමත් මම වැඩිපුර කැමති කොණ්ඩ වලටනේ. ඔන්න කොණ්ඩ ගැන කියද්දි මතක් උනේ ඒ කාලෙ වෙච්ච්චි දෙයක්.

මම උසස් පෙළ භෞතික විද්‍යාවට, පතිරණ සර්ගෙ පන්තියට තමයි ගියෙ. අපේ පැත්තෙ කට්ටියනම් දන්නව ඉතින් පතිරණ සර්ගෙ නීති කොච්චර තදද කියල. නිතරම සර් කියනදේ අහගෙනම ඉන්න ඕනී. වටපිට බලන්න, සපුරා තහනම්. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්නම ඕනි. දෙනෙ උත්තරෙත් හොඳ වැදගත් උත්තරයක් වෙන්න ඕනි. බාල උත්තරයක් දුන්නොත් කියනව "මොන්ටිසෝරි ටෝක් දාන්න එපා" කියල. ඉතින් කවුරුත් සර්ට හරි බයෙන් තමයි ඉන්නෙ. මම නම් ඉතින් ඕව එච්චර ගණන් ගන්නෑ. කොහොම හරි අන්තිමේදි උසස්  පෙළ ප්‍රතිපල ඇවිත්, විශ්ව විද්‍යාලෙට යන්න පුළුවන් කියල දැන ගත්තට පස්ස, මම ගියා සර්ව හම්බ වෙන්න. මම  ප්‍රතිපල කීවට පසෙ සර් මොකද්ද දන්නවද කීවෙ;

"මෙත්ම ඔයා පාස් උනාද? මම නම් හිතුවෙනෑ ඔයා පාස් වෙයි කියල, ඔයා ඉතින් කාගෙ හරි කොණ්ඩයක් දිහා බලාගෙන හිටපු එකනි කරේ. ඔන්න ඔයාල අක්ක පාස් වෙව්වි එකනම් පිළිගන්න පුළුවන්" 

එන්න එදා තමයි මම දැන ගත්තෙ මම කොණ්ඩ වලට කොච්චර කැමතිද කියල. ඔය අක්ක කීවෙ මගේ ඥති සොහොයුරියක්, අපි දෙන්නම එකම වයසෙ. ඒත් එයා අක්ක, මම නංගි. අතුරු කථාව ඉවරයි, නැවත පින්තූරෙට.

මේ සැරේ නම් ඇස් දෙක සිරාවටම ඇඳ ගත්තා. ඇස් දෙක මුලින් ඇඳල ඉවර කරල තිබ්බෙ. අනිත් ටික අඳිද්දි, වතාවක්  අයියගෙ ඇඳපු ඇස් දෙක මගේ නෙත ගැටුන. එක පාරටම ඇත්තම  ඇස් දෙකක් දැක්ක වගේ හැගීමක් ආව. ඇස් දෙක තීවුර වැඩියි වගේ කියලත් හිතෙනව. 

නළල, කම්මුල්, නහය, සහ නිකට රූපයේ ත්‍රිමාන බව මතු කරන්ව කියෙන මට හැගෙනව. කට ගැනත් පොඩි සටහනක් කරන්නම ඕනි. ඉස්සර, අපේ අය්යගෙ කට ඔය රූපෙ තියෙන විදියට ඇද වෙලා තිබුනෙ නැහැ. මීට වසර ගණනාවකට කලින් වෙච්චි රිය අන්තුරක් නිසා තමයි එයාට ඔහොම උනේ. මට ඕනි උනා එයාගෙ ඉස්සර තිබුන විදියටම කට අඳින්න. මම අමාරුවෙන් මතක් කරල ඇඳල පෙන්නුවාම, එයා කියපි; "මේ නං ඉන්නෙ මම නෙවෙයි" කියල. ඉතින් ආයෙ ඒක මකල, දැන් පේන්න තියෙන විදියට ඇඳල දැම්ම.

එයාගෙ කමීසෙ පාට කරන්න ගත්තෙ සෝරොවු දුන්න චාකෝල් පැන්සල. මුලින් පාට තවරලා, ඊලඟට, ඉරි ටික මතු කර ගත්තෙ උල් හැඩයට කපා ගත් මකනයක් ආදාරයෙන්.  කමීසෙත් සිරාවටම ආව කියල හිතෙනව.

අයියගෙ පින්තූරය දිහා බලාන ඉන්නෙද්දි මට හිතෙන්නෙ, අස් දෙකයි කටයි, මම ඇඳල තියෙන ප්‍රරමාණය ලොකු වැඩියි කියල. ඇස් සහ කට ලඟ හමේ වර්ණයත් ලා වැඩියි කියල මට තේරුණේ දිරාජ් කීවට පස්සෙ තමයි.

ඔන්න ඔය විදියට තමයි අද කථාව අවසන් වෙන්න. ඔබටත් මටත් ජය! 












1 comment:

  1. HAh HAh haa Wow, this is like my younger daughter's letter to Santa. Gamini from Perth

    ReplyDelete